ජපාන යුද නෞකා 02ක් කොලඹ වරායට සේන්දු වී තිබේ.
ජපාන ස්වයං ආරක්ෂක බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි නෞකාවක් වන ‘URAGA’ නෞකාව සහ ‘HIRADO’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Minesweeper Tender වර්ගයට අයත් ‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර Minesweeper Ocean වර්ගයට අයත් ‘HIRADO’ යුද නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත බව නාවික හමුදාව නිවේදනය කරයි.
මෙම නෞකා දෙක හෙට දිනයේ දිවයිනෙන් පිටත්වීමට නියමිත බවද සඳහන්.




