ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමූ ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ කිරීමට එකග වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවැසුවේ ලංකාවේ ප්‍රධාන රෝහල් පහක හෘද කැතීටකරණ ඒකක පහක් යළි ආරම්භ කිරීමට ජයිකා ආයතනය එකග වූ බවයි.
මේ සඳහා ජපන් යෙන් බිලියන 13ක පමණ මුදලක් වැය කිරීමට නියමිතය.