ජපානයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 3 07 2020
- 07:29
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.
මෙම ශ්රී ලාංකිකයන් ජපානයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි. ඔවුන් ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන විශේෂ ගුවන් යානයෙන් ජපානයේ නරීටා සිට 7/03 දින අලුයම 3.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
