ජපානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
- 14 09 2020
- 10:13
- {{hitsCtrl.values.hits}} views
- ..
ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එසේම අලුයම 1.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට සිට ශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එමෙන්ම අලුයම 5.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන් 64 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
