ජපානයෙන් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වී තිබේ. මෙම වෛරස් රෝගය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සති අන්තයේ ප්‍රකාශ කිරීමෙන් පසු ජපානය ඒ සඳහා සූදානම්ජා වෙමින් තිබියදි මෙම රෝගියා වාර්තා විය.
රෝගියා 30 හැවිරිදි ටෝකියෝවේ පදිංචිකරුවෙකි. ජූනි මස අගදී, ඔහු යුරෝපයට ගිය අතර, ජූලි මැද භාගයේදී ජපානයට ආපසු පැමිණීමෙන්යා පසුව ඔහු ඇසුරු කළ අයෙක් වඳුරු උණ රෝගයට ධනාත්මක වී තිබේ.
රෝගියා මේ වන විට ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය ස්ථාවරව පවතී. උග්‍ර කැසීම, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම සහ මාංශ පේශි කැක්කුම වඳුරු රෝගයේ රෝග ලක්ෂණ වේ.