ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග 20 දෙනෙකුගෙන් යුතු දූත් පිරිසක් ද පැමිණ සිටියහ. ඔවුන් 07/28 දින රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා රටවල් 06 ක නිල සංචාරයකින් අනතුරුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , මෙම පිරිස ශ්‍රී ලංකාවේ සංචාරය නිමා කර 07/29 දින රාත්‍රී ආපසු පිටත්ව යාමට නියමිතය .
