ජපන් භාෂා ප්‍රවීණතාවය නැති 1000කට ජපානයේ රැකියා ඉල්ලයි
ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකී කොටාරා මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කට්සුකි කොටාරා මහතා ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.
මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.
ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී කොටාරා මහතා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය. විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බවද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු කීය.

popular news
-
Malisa Sunday, 29 May 2022 06:35 AM
Ape ratata yahaathak wenawa karanawa nam loku dayak mk ape rate ahinsaka minissu tharam me loke kauruwth duk widinne naha ape ratta salakana minnissunta godaaak pin kiyala thamai kiyanna thiyenne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

