පසුගිය වසර අටක කාලය තුළ පත්වූ රජයන් දෙක විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දහයක් වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කඅ රඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද අයදුම්පතක් මගින් අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
ඒ අතරින් එක් වසරක් තුළ වැඩිම මුදල් වැය කර ඇත්තේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. 2020 වසරේදී එම රජය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් මිලියන 120ක් වැය කර තිබේ.
2015 මාර්ත 3 සහ මේ වසරේ ජූනි 30 අතර විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වෙනුවෙන් මුදල් ලබා දී ඇත්තේ ඒකාබද්ධ අරමුදලෙනි. පසුගිය වසරේ පත්කළ කොමිෂන් සභා තවමත් ක්රියාත්මකය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 සහ 2021 අතර කාලය තුළ කොමිෂසන් සභා පහක් පත්කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 337 කි.
2015 වසරේදී පැත්වු යහපාලනය රජය සිය පස් වසරක කාලය තුළදී ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් මිලියන 254 ක් වැය කර තිබේ.