ජනාධිපති ලේකම් කාර්යාලය නමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට ඇති වාහන 26ක භෞතික පැවැත්ම තවමත් තහවුරුකර ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි වාහන අතුරුදහන්විම හෝ කිසියම් ආයතනයකට පුද්ගලයෙකුට භාරදුන් බවට හෝ කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කොට නොතිබුණි. එම වාහන 26 හි භෞතික පැවැත්ම තහවුරුකරගැනිම පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණ සිදුකරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාල විසින් 2025 වර්ෂයේ මැයි මස 28 වැනිදින විගණනය වෙත දන්වා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
කෙසේවුවද මෙම වර්ෂයේ මාර්තු මස 19 වැනිදින වනවිටත් එකි වාහනවල භෞතික පැවැත්ම තහවුරුකර ගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට මෙකි විගණන වාර්තාව ඇතුළත්කොට තිබුණි.