පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පවැසූ බවත් දැන් විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව එම යෝජනාව කිරීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්රේනමදාස මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා මෙම ප්රයකාශය කළ පසු කතානායකවරයා ඊට පිළිතුරුදෙමින් කියා සිටියේ තමන් එවැන්නක් නොකියූ බවයි. ජනාධිපතිවරයා පවසා සිටියේ 113 ක බහුතරයක් තිබේ නම් විපක්ෂයේ ඕනෑම පක්ෂයකට ආණ්ඩුව ලබා දීමට තමන් සූදානම් බව යැයි ද විපක්ෂ නායකවරයා තමන් ගේ කතාව වැරදියට තේරුම් ගෙන ඇති බවද කතා නායකවරයා පැවසීය.