එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මෙම උපදෙස් දී තිබේ.
ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.
