ආසියාවේ සංවර්ධනය පිළිබඳ අන්‍යෝන්‍ය අදහස් හුවමාරු කර ගැනීමේ වේදිකාවක් වන ආසියානු බෝආ සමුළුව චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ සන්යා නගරයේ දී අද(28) පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරීමට නියමිතය. ඒ අනුව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සන්යා ගුවන් තොටුපලෙන් හයිනෑන් ප්‍රාන්තයට ලගා විය.රටවල් 15ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වනඅතර රුසියාව, ඕස්ටේ්රලියාව, තායිලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, මැලේසියාව, කටාර් රාජ්‍ය සහ කසකස්ථානය ආමේනියාව, ඔස්ටි්රයාව, ඉන්දුනිසියාව, නේපාලය, උගන්ඩාව සහ සැම්බියාව ඒසදහා සහභාගීවන රටවල් වේ.