ජනාධිපතිවරණ අභියෝගය භාර ගැනීමට සූදානම් - සජිත්
රජය හිතන හිතන වෙලාවට, හිතන හිතන ආකාරයට තමන්ගේ කාල සටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක් නොවන බවත් මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහාය ලබා දෙන අයගේ අභිමතය පරිදි සකස් කිරීම වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නමුත් රජය ගෙන ඒමට සූදානම්, නියමිත කාලයට ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයක් ලෙස පූර්ණ සහාය ලබා දෙන බවත් එය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය අණපනත් රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණ අභියෝගය බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (15) විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවකට එක් වූ අවස්ථාවේ දී ය.
එසේ ම විපක්ෂයේ සියලු දේශපාලන බලවේග උපයෝගී කර ගෙන ජාතික ප්‍රතිපත්ති, ජාතික දර්ශනය මත කේන්ද්‍රගත වූ ගමනකට සූදානම් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ පත්තරවල සමාජමාධ්‍යවල විවිධ ප්රවෘත්ති සකස් නොකර ජනාධිපතිවරණය හරියට පවත්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවත් ය.
තව ද එම ජනාධිපතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු යටතේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් හකුලා ගත් පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිය සුරක්ෂිත කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
-
CC Tuesday, 16 May 2023 04:07 AM
ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම මෙරට පොදු මහජනතාවගේ අපේක්ෂාව නොවන බව පහත කරුණු වලින් පෙන්විය හැකිය *ඔබ අමාත්‍ය ධූර දැරූ අයෙකි නමුත් තමා ආදර්ශයෙන් මහජන මුදල් ආයෝජනය කලේ නැති බව දන්වන අතර හුදු තම දේශපාලන අනාගතය ගොඩනැගීම සඳහා මහජන ධනය කිසිදු සැලසුමකින් තොරව බෙදා දී ඇත.(සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වීම). * ඔබ වරප්‍රසාද ගිජු පුද්ගලයෙකු වන අතර ආදර්ශයෙන් තම කැපවීම පෙන්නුම් කර නැත. *ඔබ වටා සිටින බහුතරය අති දූෂිත වන අතර ඔවුන්ගෙන් ගැලවී වංචා දූෂණ ලංකාවෙන් තුරං කිරීම හීනයක් වනු ඇත. *ඔබ තවත් මේ දේශපාලන මඩගොහොරුවේම සාමාජිකයෙකු වන අතර මෙය බිද දමා මේ රට සැබෑවටම ගොඩනැගීමට ඔබට නොහැ කි බව ඔබ හිටපු යහපාලන ආන්ඩුවේ සාමාජිකයෙකු වශයෙන් ආදර්ශයෙන් පෙන්නුම් කර නැත. එබැවින් ඔබ ශ්‍රී ලංකාව සැබෑවටම ගොඩ ගත හැකි නායකයෙකු නොවන බව ජනතාව තේරුම් ගෙන ඇත. හැබැයි ඔබගෙන් වරප්‍රසාද ,කොන්ත්‍රාත් ගන්න හිතාගෙන ඉන්න සුළු පිරිසක් ඔබවටා ගම් මට්ටමින් සිටියත් සෙසු බහුතරය ඔබලාගේ දේශපාලන ප්‍රතිපත්තිවලට විරුද්ධ බව හොදටම පැහැදිලි වී ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

