සියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පවසයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් තීරණය කර බව ඔහු පැවැසීය.
එසේම දැනට බාහිර පාර්ශ්ව මගින් සිදුකර සේවා ලංවිම කාර්ය මණ්ඩලයෙන් සිදුකර ගැනීමටත් ලංවිමට සිදු කළ නොහැකි සේවා ප්‍රාදේශීය සභා සහාය ඇතිව සිදු කිරීමටත් තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.