මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය 2025 වසරේ ජනවාරි මස 1වැනි දා සිට ජූනි මස 30 වැනිදා දක්වා කාල සීමාවේ දී ලීටර් මිලියන 21.5 කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතාගෙන් 8 වන දින කරන ලද විමසීමකදී ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා තවදුරටත් කියා සිටියේ ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීමේදී අදාල සමාගම් විසින් සිදුකරන ගෙවීම් සඳහා පහසු මෙන්ම ඉක්මන් ක්රමවේදයක් 2025 ජුලි මාසයේ සිට හඳුන්වා දී ඇති බැවින් වැඩි සමාගම් ප්රමානයක් ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි බව සඳහන් කළේය
පසුගිය 2024 වර්ෂයේ මුල් මාස හයක කාලයට සංසන්දනය කර බැලීමේදී මෙම වසර ගුවන් යානා ඉන්ධන අලෙවියේ විශාල වර්ධනයක් සිදුවි ඇති බව කළමනාකර අධ්යක්ෂවරයා සදහන් කළේය .
කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරඟ කාරී මිල ගණන් පවත්වාගෙන යාමෙන් ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් කීය
චන්දන සමරවික්රම