ජනවාරි මාසයේදී මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5ක විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට යොමුකර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මෙය පසූගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේදී සියයට 68.8ක වර්ධනයකි. 2022 වසරේ ජනවාරි මාසයේදී මෙරට ලැබී ඇති ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 259.2ක් විය.
ඒ අනුව ශ්‍රමික ප්‍රේෂණ 2022 ජනවාරි හා සැසදීමේදී පසුගිය ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 178.3කින් වර්ධනය වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.