ජනතාවට අවශ්‍ය කිසිදු සේවයක් ලබා දීමට නොහැකි ආකාරයට ආණ්ඩුව බංකොලොත් වී තිබුණත් විපක්ෂය බංකොලොත් වී නොමැති බවත් ඒ නිසාම වගකිව යුතු විපක්ෂයක් හැටියට ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දෙමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන සක්වල වැඩසටහන යටතේ කටුගස්තොට නවයාලතැන්න පිහිටි සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා පරිගණක ඇතුළු තාක්ෂණික උපකරණ ලබා දීම වෙනුවෙන් පැවැති උත්සවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
"අද තියෙන්නේ වැඩක් කරන්න පුළුවන් වැඩක් කරල ඔප්පු කරල තියෙන විපක්ෂයක්. අපි දැන් සැලසුම් සකස් කරල තියෙනවා බලයට පත් වුණු පළමු මොහොතේ ඉදලම කාල සටහන් අනුව මේ රටේ පාසැල් පද්ධතිය දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න
අද හැම තැනම පෝලම්. තෙල් පෝලිම් ගෑස් පෝලිම් . ආහාර පොලිම් සීනි පෝලිම් කඩ පෝලිම්, සැම තැනම පෝලිම් සමහරු කලබල වෙලා කියනව මේක අද ඊයේ ඇති වූවක් ලෙස. නමුත් මේක අද ඊයේ ඇති වූවක් නෙවෙයි. කොතැනද වරද සිද්ධ වුණේ. වදර සිද්ධ වුණේ 2019 අග භාගයේ සහ 2020 මුල් භාගයේ.
රුපියල් බිලියන 600 ක බදු සහන මේ රටේ කෝටි ප්‍ර කෝටිපතියන්ට ලබා දීලා. රාජ්‍ය ආදායම සියට දෙකත් හතරත් අතර ප්‍රමාණයවක් නැති කර ගත්තා. දැන් අපිට දැන ගන්නට ලැබිල තියෙනවා මේ ගොල්ල ලෑස්ති වෙනවලු පළාත් පාලන ඡන්දයක් තියන්න.
ප්‍රාදේශිය සභාවලින්ද තීන්දුව ගත්තේ කෝටි ප්‍ර කෝටිපතියන්ට බදු සහන දෙන්න. නෑ පාර්ලිමේන්තුවෙන්. අවුරුදු දෙක හමාරක් රට කාපු ඇත්තෝ ටික වොෂින් මැෂින් එකක් ඇතුලට ගිහින් ටිකක් පිරිසිදු වෙලා කියලා හිතාගෙන ඇමතිකම් අරගෙන කියනවා අපි රට හදනවා කියලා. තනි ආසන පුද්ගලයෙක් අගමැතිකම අරගෙන රට ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක් ඒ පක්ෂයට ඡන්දයෙන් එක මන්ත්‍රී ආසනයක් ගන්න බැරි වුණා.
දැන් ඒ පුද්ගලයා ඇවිල්ලා පොහොට්ටුව තමන්ගේ ගෝල බාලයින් කර ගෙන තමන්ගේ දේශපාලන ආයුෂ දිර්ග කර ගැනීම සඳහා අද දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. පොදු ජන න්‍යාය පත්‍රය කෑලි කෑලිවලට ඉරලා කුණු බක්කියට වීසි කරල දාලා තියෙනවා. අගමැතිකම් ගන්න තියෙන කෑදර කම ගිජුකම නිසා රටටම බොරුවක් කිව්වා. මොකද්ද බොරුව මගේ අතේ තියෙනවා ඩොලර් බිලියන පහක් හයක් කියල කිව්වා .
කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා .ඩොලර් බිලියන පහක් හයක් තියෙනවා නම් ගෑස් පෝලිස් තියෙන්න ඕනද තෙල්පෝලිම්තියෙයිද ඩොලර් බිලියන පහක් හයක් අතේ තියාගෙන අගමැතිකම ගත්ත පුද්ගලයා අගමැතිකම අරගෙන දේශපාලන ගෙම්බෝ ටිකක් එකතු කර ගත්තට පසසේ මෙන්න එක තීරවට තිබ්බ පෝලිම මෙන්න දැන් තීරු දෙක තුන හතරක් වෙලා. දැන් මංතීරු ගණනාවක් ඕන මොකක්ද මේ කරන්නේ.
මේ කරන්නේ ඇන්දවීම.මම මේකට කියන්නේ ජනාධිපතිනරණයේදී පටන් ගත්ත නාග රාජ ඇන්දවීම කියලයි.සති දෙක තුනකට සැරයක් ලොක්කෝ ඇවිල්ලා ප්රවෘත්ති නිවේදන නිකුත් කරන්න පටන් ගත්තා. දැන් රටේ තත්වය මෙහෙමයි. ඕව කියන්න කවුරුත් ආණ්ඩු ගන්න ඕනද? විපක්ෂයේ ඉන්න අපිත් දන්නවනේ අඩුපාඩුකම්. කෝ විසඳුම්. කෝ අර අතේ තියෙනවයි කියපු ඩොලර් බිලියන පහයි හය. ඒවා කෑවද ගිල්ලද දන්නේ නෑ.එහෙම නැත්නම් තමන්ගේ මුදල් පසුම්බියට දාගත්තද දන්නේ නෑ. මට කියන්න තියෙනනේ රටේ ජනතාවට පව්.බොහොම පව්.
අපේ අනාගත දැක්ම ලක්ෂ 43 ක්වන පාසැල් දරුවන් අධ්‍යාපනයෙන් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා. ඒ අයව සවිමත් කරනවා. අඩු ආදායම්ලාභී පවුල් නියෝජනය කරන දූදරුවන්ට පරිගණකයක් නොමිළයේ ලබා දීමේ වැඩසටහන අපි සැලසුම් කරල තියෙනවා.
ආණ්ඩුවක් ලබා ගෙන එක පාරටම මේවා ක්‍රියාත්මක කරන්න බෑ. බොහෝ දෙනා කියනවා තිබුණ තත්වයටඑන්න අවුරුදු පහක්වත් යයි. ඒක තමයි ඇත්ත.අපි ජනතාවට පොරොන්දු වෙනවා නිවරුදි ගමනක් කරා යාම අපි ආරම්භ කරනවා.මාසෙන් දෙකෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා බොරු කියන්නේ නෑ. මේ තියෙන ප්‍රශ්න අපි බලයටආවහම එක පාරටම අතුරුදහන් වෙයි කියලා අපි කියන්න සූදානම් නෑ. අපිට සැපයි ඇත්ත කතා කරලා විපක්ෂයේ ඉන්න එක" යැයිද කීය.
