ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 146වැනි ස්තානය හිමිව තිබේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයා 127වැනි ස්ථානයේ පසුවූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19කින් පහත බැස තිබේ.
ලෝකයේ රටවල් 180ක් යොදාගනිමින් එම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර එම දර්ශකයේ ප්‍රථම ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව තිබේ. දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවන ස්ථානය ස්විඩනයටත් හිමිව ඇති බව සඳහන්ය.