ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒ සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පවත්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වුවද පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මතය වී ඇතැයිද වාර්තා වේ.
