ජනපති මෛත්‍රීට චන්ද්‍රිකාගෙන් ප්‍රහාරයක්
එළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී ඇය චෝදනා කරන්නේ ඡන්ද 62යකින් පත්වූ බලයට පත්වූ නායකයා (ජනපති මෛත්‍රීපාල සිරිසේන) තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්රණකරුවන්ට පාවා දී ඇති බවයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට ගත් තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95%කගේ විරෝධය එල්ල වී ඇති බවත් ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



popular news
-
Deepal Nirosh Wednesday, 16 October 2019 08:53 AM
දේශපාලනය පටන් ගත්තෙ ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන්, දැන් කතා කරන්නෙ ශ්‍රී ලං නි ප ආරක්ෂා කරගන්න. අනේ මෙහෙම තණ්හාවක්? / ආශාවක්? / වෛරයක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

