ජනපති, අගමැති සහභාගි වන රැස්වීම් වල සීමා කිසිවක් නෑ
පවතින මැතිවරණ නීතිරීති විපක්ෂයේ පක්ෂ සඳහා ක්‍රියාත්මක වුවද ආණ්ඩු පක්ෂය මේ වන විට අදාළ නීති රීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
තිස්ස අත්තනායක මහතා මේ බව පවසා සිටියේ ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ අද (06දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා,
"අපේ ප්රචාරක ව්‍යාපාරය අදියර කිහිපයකින් සංවිධානය වී තිබෙනවා.විශේෂයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසන මට්ටමින් ප්රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර පරිදි මැතිවරණ කොට්ඨාස 150ට ආසන්න සංඛ්‍යාවකට ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා සම්බන්ධ වෙනවා.
උතුරේ සහ නැගෙනහිර පළාත්වලත් තරමක් දුරට ප්රචාරක ව්‍යාපාරය අවසන් කර තිබෙනවා. ඊට අමතරව පක්ෂයේ මහ ලේකම්, ජාතික සංවිධායක සහ අනෙකුත් පක්ෂ ප්‍රධානීන් සහභාගි වන ප්රචාරක ව්‍යාපාරයක් අපේක්ෂකයන් සහ පක්ෂය වෙනුවෙන් අපි ආරම්භ කළා.
ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ප්රචාරක රැස්වීම් 1000ක් පවත්වන්නට.මේ වන විටත් ඉන් කොටසක් අපි අවසන් කර තිබෙනවා. තෙවනුව අපේක්ෂකයන් පවත්වන ජන හමු සහ ප්රචාරක ව්‍යාපාර බිම් මට්ටමින් වැඩි වශයෙන් අපි සංවිධානය කර තිබෙනවා. පවතින ක්‍රමයට අනුව ප්රචාරක ව්‍යාපාරයට යම් යම් බාධා තිබෙනවා. නීතිරීතිවලට අනුව දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට තිබෙන බාධා නිසා අපි කුඩා ප්‍රමාණයේ ජනහමු සහ ප්රචාරක ව්‍යාපාර කරන්නේ.
ඒ අනුව අපගේ අපේක්ෂකයන් 260 දෙනාම අවම වශයෙන් 25,000කට ආසන්න ජන හමු ප්‍රමාණයක් සංවිධානය කර තිබෙනවා. අපි කියන්න ඕන ආණ්ඩුව පාර්ශ්වයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නීතිරීති උල්ලංඝනය කිරීම සිදුවෙනවා.
දැන් බලන්න අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීම් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එම රැස්වීම් මාලාවේ සීමා කිසිවක් නෑ. ඒකට හේතුව වශයෙන් අපි දකින්නේ රාජ්‍ය බලය නැවත නැවත මේ දේශපාලනයට යොදා ගනිමින් තිබෙනවා කියන එකයි" යනුවෙන් පැවසීය.
popular news
-
K. Ranaweera Monday, 06 July 2020 06:17 PM
wetath niyarath goyam kaa nam kata pawasam a amaruwa.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 07 July 2020 05:35 AM
Kind attention of EC: We believe and still respect you. But no one is above the law.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 07 July 2020 02:14 PM
මේ කතාව නම් ඇත්ත, ජනපති අගමැති සහභාගි වන ජන හමුවල සෞඛ්‍ය නීති කිසිවක් ක්‍රියාත්මක වන බවක් පේන්න නැහැ. මැතිවරණ කොමිසමටත් ඒ ගැන අවධානයක් නැහැ වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

