අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
අවමංගල්‍ය උත්සවය එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේදී ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.
1952සහ 1972 අතර කාලයේදී ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි.