වර්ථමාන ජනාධිපතිතුමා වුණත් හිතන්නේ මේ තියන මොනා හරි ටිකක් විකුණලා විදේශ වත්කම් සංචිතයට බිලියන 3-4ක් දා ගත්තම අපි රේටින්ග් වලින් උඩට එනවා. ඒ විදියට උඩට ආවම ආපසු ණය කකා ජොලියේ ඉන්නවා යැයි ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
2023 අයවැය කාරක සභා අවස්ථාවේ අද (30දා) පැවති කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
වර්ථමාන ජනාධිපතිතුමා වුණත් හිතන්නේ මේ තියන මොනා හරි ටිකක් විකුණලා විදේශ වත්කම් සංචිතයට බිලියන 3-4ක් දා ගත්තම අපි රේටින්ග් වලින් උඩට එනවා. ඒ විදියට උඩට ආවම ආපසු ණය කකා ජොලියේ ඉන්නවා. මේ සූත්‍රයෙන් යන්න පුළුවන් උපරිම දුර අපි ආවා. ඒක අසාර්ථකයි. ඒකට අනාගතයක් ගොඩනගන්න බෑ.
ඒ නිසයි අපි කියන්නේ මෙහෙම අර්බුදයකට ලක්වුණු වෙලාවකවත් මොලය පාද ගන්න බැරිනම් අපිට, ඓතිහාසිකව වැරදුනු තැන් නිවැරදි කර ගන්න බැරිනම් අපිට, එහෙම ගැඹුරු සංවාදයක් යළි සලකා බැලීමක් නැතිනම් අපිට එකෙනුත් කියන්නේ වැටිච්ච වලෙනුත් අපි මොලය පාද ගන්නේ නෑ කියලා. මේ වැටිච්ච වලෙන් මොලයට ලාභයක් අරගෙන රටේ අභිවෘද්දිය වෙනුවෙන් අතීතයේදී නොගත් නිවැරදි තීරණ දැන් හරි ගන්න කියන බලකිරීමයි ඉතිහාසය අපිට කරන්නේ. ඒකට අවංකව කැපවුනොත් විතරයි අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්.