වැඩබලන ජනපති වශයෙන් තමන් තින්දු දෙකක් ගන්නා බවත් ඒ අනුව ජනපති හැඳින්වීමට යොදා ගන්නා අතිගරු යන වචනය භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන බවත් ජනපති කෝඩියද අහෝසි කරන බවත් වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
රටකට තිබිය හැක්කේ එක් කොඩියක් පමණක් බවත් එය ජතික කොඩිය පමණක් විය යුතු බවත් ඔහු පැවැසීය.
“අපි ඉදිරියට යා යුත්තේ එක කොඩියක සෙවන ලබමින්. අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරින් සිතන්න. දැන් මුළු රටටම නව ප්ර වේශයකින් නව ගමනක් යා හැකියි. දූෂණයෙන් තෙර සාමකාමී රටක් බිහි කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. රට ඉහළට ඔසවා තැබිමේ පුළුල් අවස්ථාවක් තිබෙනවා. අලුත් යුගයක් ආරම්භ කිරීමට දැන් අවස්ථාව තිබෙනවා”