සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනපති රනිල් වික්රමසිංහ මහතා හා දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවල තවත් වටයක් අද පැවැත්වීමට නියමිතය. මේ අනුව සමගි ජන බලවේගය, ජනපතිවරයා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විමට නියමිතය.
ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා එක්වන බව සමගි ජන බලවේගය දැනටමත් සඳහන් කර තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිමට අදාළම පසුගිය දින කිහිපයේදි ජනපතිවරයා විවිධ දේශපාලන පක්ෂ වෙන වෙනම හමුවි සාකච්ඡා කළේය.