ජනපති හා අගමැති අතර සාාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටලු විසදීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ් සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
තිරණ ගැනීමට තමන් ප්‍රමාද නොවන බවත් ඒ සඳහා බලය ඇති හෙයින් තමන් ඉක්මනින් තීරණ ගන්නා බවත් ජනපතිවරයා විසින් මෙහිදි අග්‍රමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
තමන් ධුරයෙන් ඉවත් නොවන බවට අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වන ලෙසට ජනපතිවරයා පෞද්ගලිකව ඔහු වෙත දන්වා ඇති බවට තොරතුරු මීට පෙර වාර්තා විය.
popular news
-
sg Sunday, 01 May 2022 07:04 PM
Mardanaya kadavima thamange gela sida ganimak bawa sithata ganna...
Reply : 0 0
Demuni Uduwara Monday, 02 May 2022 12:15 AM
Face the reality!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

