ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී හමු වූයේ මුදල් අමාත්‍යාංශයට අදාල දෙයක් ගැන කතා කිරීමට බවත් දේශපාලනය ගැන කිසිවක් එහිදී කතා නොකල බවත් හිටපු යුධ හමුදාපති හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ (09) මාතර දී පැවසීය.
“ජනතා විප්ලවය” නමින් පැවැත්වු නිර්පාක්ෂික විරෝධතා ව්‍යාපාරයේ දී ඔහු ඒ බව කීවේ මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට දී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.එහිදී වැඩි දුරටත් අදහස් දැක් වු ෆොන්සේකා මහතා මෙසේද කීය.
“මම ජනාධිපති තුමා හමු වූයේ පාර්ලිමේන්තුව තුලදී.ඒ මුදල් අමාත්‍යාංශයට අදාල දෙයක් ගැන කතා කරන්නයි.ජනාධිපතිතුමා හමුවෙන්න මට වගේම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා.එතුමා මුදල් අමාත්‍යවරයා.මම මුදල් අමාත්‍යාංශයට ගිහින් එලියෙදි හමු වුනේ නෑ.
පස්ස දොරෙන් ගිහින් හමු වුනේ නෑ.විපක්ෂ නායකතුමා විනය පරික්ෂණ කතාවක් කියනවා මට ඇහුණා.ඒ කොතැනදිවත් මගේ නම කියලා නෑ.මට චෝදනා කරලා නෑ.මම හැමවිටම හරි දේ වෙනුවෙන් හිට ගන්න මිනිහෙක්.පුරවැසියන් කැමති රටට හොදයි කියන දේ සමග මම පක්ෂය තුල වැඩ කරනවා.පක්ෂයෙන් පිටත දී හරි දේ වෙනුවෙන් නිර්පාක්ෂිකව වැඩ කරනවා.”
මෙම විරෝධතා ව්‍යාපාරය සදහා 500 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.විශේෂයෙන්ම ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්