කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර ජනාධිපතිවරයා නරඹෙමින් සිටියදී ඊට ඉහළින් ඩ්‍රෝණ කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයකු අත්අඩංගුවට ගෙනන තිබේ.
ජනාධිපතිවරයා මහමළුවේ විවෘත ස්ථානයක සිට ඊයේ (08) රාත්‍රී 9.00 ට පමණ පෙරහර නරඹෙමින් සිටියදී එම ඩ්‍රෝණ කැමරාව එහි ඉහළ අහසේ සැරිසරමින් තිබියදී ගුවන් හමුදාව විසින් එය බිම හෙළීමට පියවර ගෙන තිබේ.
එම ඩ්‍රෝණ කැමරාව ක්‍රියාත්මක කළ බව කියන පෘතුගීසි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එම ඩ්‍රෝණ කැමරාව ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලැබී ඇත්දැයි පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතී.
ෂේන් සෙනෙවිරත්න
