ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21දා) පෙරවරුවේ පැවැත්විණි.
වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.