ජනාධිපති සහ අගමැති ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසන ලෙස බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවක් පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ එකඟතාවයෙන් අද(21දා) සම්මත කෙරිණි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්රී රුවන් පී පෙරේරා මහතා විශේෂ යෝජනාවක් ලෙස මන්ත්රීවරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිඛිත යෝජනාව සභාපති දේවේන්ද්ර පෙරේරා මහතා වෙත භාර දුන්නේය.
විපක්ෂනායක මහේෂ් කොතලාවල මහතා පමණක් යෝජනාවට විරුද්ධ ව අදහස් දැක්වූ අතර සෙසු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරු,මන්ත්රීවරියන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් එම යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් සහයෝගය දැක්වූහ.
