අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටුවිම වෙනුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඉදිරියට ගමන් කරන්නේ පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ශාන්ත බණ්ඩාර මහතා එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන්නේ නම් හෙට සිට සාකච්ඡාවට සූදානම් බවද ඔහු පැවැසීය.
ඔලුගෙඩි මාරුවකින් ආණ්ඩුවේ බහුතරය රැක ගැනීමට උත්සාහ කරයි නම් එය යල්පැන ගිය ක්‍රියාවලියක් බවත් ජනතාව එයට පිළිතුරු දෙනු ඇති බවත් ඔහු පැවැසීය.
එසේම මෙම ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ පාලන තත්ත්රයක් ස්ථාපිත විය යුතු බවත් ඔහු පැවැසීය.