ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්රීවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද රාත්රි යේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්රධාන වශයෙන්ම අන්තර්වාර රජයක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව නැති බවද වාර්තා වෙයි.
නැවත වරක් සාකච්ඡා කිරීමේ එකඟතාවයකින් යුක්තව මෙම සාකච්ඡාව අවසන්ව තිබේ. අද දිනයේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පැවැතියේය.
ජනපතිවරයා සමග සාකච්ඡාවට ප්රථමව පක්ෂ 11 නියෝජතන්ගේ සාකච්ඡාවක් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පවත්වා තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව සමගි ජන බලවේගය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක්ද හිටපු ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් පවත්වා තිබේ. මෙහිදී විශ්වාසභංග යෝජනාව හා දෝෂාභියෝගය පිළිබඳව සාකච්ඡාවට භාජනය වී තිබේ.