ජනපති සමග රැස්විමට පක්ෂ 11 නායකයන් යයි
අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරිම සම්බන්ධයෙන් වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් තීරණය කර තිබේ.
ඒ මේ පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. පවතින දේශපාලන අර්බුදය විසදා ගැනිම වෙනුවෙන් මෙම පිරිස හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මිට පෙරද සාකච්ඡා පැවැත්විණ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමත් සමග ඇතිවූ තත්ත්වයෙන් පසුව එම සාකච්ඡා අඩාල විය.
ඒ අවස්ථාවේදී පක්ෂ 11 නායකයන් ප්‍රකාශ කළේ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නම් ශාන්ත බණ්ඩාර මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවයි
popular news
-
Dayan Friday, 29 April 2022 08:58 AM
This time 4 more will be bought by Rajapaksas. They do not know the meaning of the word shame. Do not understand why these guys wear cloths.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

