පාර්ලිමේන්තුවේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසිම ජයග්රහණය කිරිමට පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතාට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ආණ්ඩු පක්ෂය නියෝජය කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායමෙන් පිරිසක්, සමගි ජනබලවේගය, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම මෙන්ම බොහෝවිට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 9 මන්ත්රිවරු හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට වැඩි ඉඩක් පවතී.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් වැඩි පිරිසකගේ සහාය ඇතිව ඩලස් අලහප්පෙරුම මහතාට ශ්රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්විමට වැඩි ඉඩක් පවතී.