ජනපති ලේකම් කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් තහනමක්
ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.
එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයා අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර තිබේ.
ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරය උපදෙස් දී තිබේ.
එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත.
සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත.

popular news
-
samson de silva Wednesday, 18 December 2019 08:54 AM
ප්ලාස්ටික් බෝතල්වල වතුර ගෙනල්ලා වීදුරුවලට පුරුවලා දුන්නාම පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැනේ. මාර මොළ තමයි අපේ වියත් කට්ටියට තියෙන්නේ.
Reply : 29 1
Champa Wednesday, 18 December 2019 10:10 PM
මොනවා? ලංකාවේ ප්ලාස්ටික් බෑග් තහනම් කළා කිව්ව සිරිසේන ජනාධිපති ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කලාද ජනාධිපති ලේකම් කාර්යාලයේ? අනේ මන්ද මත්ද්‍රව්‍ය තහනම් කරන්න ලොකු ලොකු දේවල් කළා කියලා කිව්වට හොරාට ගෙදරදී අයිසුත් පාවිච්චි කලාද දන්නේ නෑ නේද?
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

