ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා ඇඟිලි සටහන් පරික්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි ලබගැනීම වෙනුවෙන් නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම එම විමර්ශන කටයුතු කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ සිදුකරන බවද පොලිසිය පවසයි.
එසේම අද දින අලුයම් කාලයේදී පොලීසිය විසින් ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ, එහි ප්‍රධාන දොරටුව හා කාර්යාලය අවට රැදී සිටි විරෝධතාකරුවන් එම ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එහිදී සැකකරුවන් 09ක් අත්අඩංගුවට ගත් බවත් පොලීිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම සැකකරුවන් කැළණිය, ඇඹිලිපිටිය, ජා ඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දූව, නුගේගොඩ යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 26ත් 58ත් අතර පසුවන බවත් පොලීසිය පවසයි. සැකකරුවන් අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.