ඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන COP 27 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒක්වීමට නියමිතව තිබේ.
ඒසේම මෙම සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විම වැදගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනපතිවරයාගේ ජාත්‍යන්තර උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා පත්කිරීමට ජනපතිවරයා පසුගියදා කටයුතු කළේය.