ජනපති රට යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ හා ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ඔහු සමග ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේර ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගිය බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .
මෙම පිරිස 05/23 දින අලුයම 12.30 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඔවුන් එම ගුවන් යානයෙන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය .
මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර එළඹෙන 05/25 සිට 05/26 දක්වා පැවැත්වෙන " ආසියාවේ අනාගතය" සමුළුවටද සහභාගී වීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
