ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 02/10 දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ජනාධිපතිවරයා සමග එහි ගොස් සිටි දූත පිරිස ද ආපසු සමග ආපසු පැමිණ තිබුණි. ඔවුන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළ වෙත මුළින්ම පැමිණ තිබුණි. ඉන්පසුව එතැන් සිට 02/10 දින රාත්‍රී 0905 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ජනාධිපතිවරයා ඉකුත් 02/08 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.