ජනපති මෛත්‍රී නිල නිවස සන්නක්කර ඉල්ලා නෑ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන නිල නිවස සින්නකරව ඉල්ලා නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ජනාධිපතිවරයාට විරුද්ධව එවැනි චෝදනාවක් එල්ල කිරීම අසාධාරණ බවද ඒ මහතා සඳහන් කළේය.
මේ රටේ ව්‍යවස්ථාවට අනුව ලබාදිය යුතු වරප්‍රසාද හැර වෙනත් වරප්‍රසාද ලබාදී නොමැති බවත්, ඔහු විශ්‍රාම ගිය පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව පමණක් ලබාදීමට තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සෑම ජනාධිපතිවරයෙකුට විශ්‍රාම ගිය පසු නිල නිවසක් ලබාදෙන බවත්, ඒ ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට නිල නිවාස ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පෙරේදා (23දා) දිනයේදී මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට නිවසක් ලබාදෙන විට විගණනය කළ යුතු බවත්, මේ සම්බන්ධව කෝප් කමිටුවේ අවධානය යොමුවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
මීට පෙර ඇමතිවරුන් තිදෙනෙකු භාවිත කළ කොළඹ 07, පැජට් පාරේ පිහිටි නිවාස තුනක් එකතු කර කෝටි 800ක් වැය කර මෛත්‍රීපාල සිරිසේන මහතාට නවීකරණය කර ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු බවද හෙතෙම පැවසීය.
අතුරු සම්මත ගිණුම මගින් ජනාධිපතිවරයාට ලබන වසරේ මුල් මාස 04 සඳහා රුපියල් මිලියන 2,405ක් වෙන්කර තිබෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා සඳහා දිනකට රුපියල් කෝටි 2ක් වෙන්කර තිබෙන බවත් රත්නායක මහතා අවධාරණය කළේය.

popular news
-
කල්පනා Friday, 25 October 2019 05:45 PM
ඇමතිවරු තිදෙනෙක් සිටි නිවාස තුනක් එකතුකර කෝටි අටසියයක් වැයකර අළුත්වැඩියාකර ? ඔබලාට මෙගැන හිතෙන්නේ මොනවාද .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

