යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, මෙම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළි වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කර තිබුණා. (IJ)