ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරය සඳහා අභිනවයෙන් පත් වූ අතිපූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් බැහැදැකීම සඳහා අද (11දා) උදෑසන කඩුවෙලල හේවාගම අභිනවාරාම විහාරය වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු
Q ඊයේ ජනාධිපතිවරයා කියනවා මේ අවුරුදු 15 ක් තිස්සේ ඇමතිකම් දරපු සමහරු කිසිම දෙයක් කරපු දෙයක් නැහැ කියලා කවුරු ගැනද මේ කියන්නේ?
A- අපිව එල්ල කරලා කිව්වා වෙන්න පුළුවන්. අපි ඒ ගැන සතුටුයි. මොකද අපව දේශපාලන අභියෝගයක් හැටියට පිළිගැනීම ගැන. ඇත්ත එතුමා කියපු එකග වෙන ඇමතිවරු රාජපක්ෂ පවුලේ අය වගේ අපි විදේශවල අපේ දේපළ පවත්වාගෙන යාම, රටේ ජාතික ධනය කොල්ල කෑම වගේ වැඩ අපි කරලා නෑ.
නමුත් අපි කරපු වැඩ මේ රටේ හැම තැනකම තියෙනවා. පරිසර, විදුලිබල, නාගරික සංවර්ධන අමාත්‍යාංශවල අපි කරපු හැම රාජ්‍ය ආයතනයකම අපි ලාභ උපයලා තියෙනවා. පාඩුවට ගිය ඒවා ලාභ කරලා තියෙනවා.
එතුමට මම කියනවා අද විදුලි අර්බුදය ගැන අපෙන් ඉගෙන ගන්න. 2015 අපි ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 2000ක් ලාභ කළා. පුළුවන් නම් කරලා පෙන්නන්න. ඊළඟට තෙල් සංස්ථාවේ අපි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා රුපියල් කෝටි 6700 කින්. පුළුවන් නම් කරලා පෙන්නන්න.
බොරු නඩු පටලවන්නේ නැතිව, කුමන්ත්‍රණ නොමැතිව ඉදිරි මැතිවරණයක දී හැකිනම් ජයගෙන පෙන්වන ලෙස පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.