ජනපති මහින්දගේ ජයග්‍රහණයට කැපවෙනවා
දිනාගත් ජයග්‍රහණය රැකගනිමින් නව ජයග්‍රහණ දිනාගත හැකිවන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් පමණක් බැවින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ කැපවීමෙන් කටයුතු කරන බව එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (19දා) පැවසීය.
දිනාගත් ජයග්‍රහණය අහිමි කරගනිමින් නව ජයග්‍රහණ දිනාගැනීමේ මෝඩ මෙහෙයුම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, අලුත් ව්‍යවස්ථාවක්, නව දිශාවකට ගමන් කරන ආර්ථිකයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැදගත් බවත් ඇමතිවරයා සඳහන් කළේය.
කොළඹ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19දා) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමට පක්ෂයේ සියලුම විධායක සභා සාමාජිකයන් ඊයේ (19දා) දිනයේදීම කොළඹට කැඳවූ බව ප්‍රකාශ කළ වීරවංශ මහතා, ආසන බලමණ්ඩල සාමාජිකයන්ද කැඳවා අවශ්‍ය උපදෙස් දෙන බවත්, ප්රචාරක වැඩසටහන් වෙනමම පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමට ගත් තීරණයේදී තම පක්ෂය ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව දැක්වූ සාධනීය ප්‍රතිචාරයත්, එය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව ගත් උත්සාහයත් බලපෑ බව හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

