ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනපති කාර්යාලය නිවේදනය කරයි. '2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය බවද එම නිවේදනයේ දැක්වෙයි.
2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බවත් එම නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බවත් ජනපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.