අරගලයට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත් වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක් වැය වන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
මෙම වියදම් අදාළ ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් පමණක් වැය කෙරෙනු ඇත. කෙසේ වෙතත් එහි තිබූ ගෘහ භාණ්ඩ, ඓතිහාසික චිත්‍ර, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට හා වාහනවලට සිදුව ඇත හානිය මෙම තක්සේරුවට ඇතුළත් නොවේ.
මෙහි අලුත්වැඩියා කටයුතු අදියර දෙකකින් සිදුකිරීමට සැලසුම් කර තිබේ. පළමු අදියර යටතේ රාජ්‍ය උත්සව හා අනෙකුත් උත්සව පැවැත්වීමට හැකි අයුරින් සිදුකිරීමට නියමිතය.
ඉන් අනතුරුව කාර්යාල හා අනෙකුත් අලුත්වැඩියාවන් සිදුකිරීමට නියමිතය. මේ සදහා මහජන මුදල් වැය කිරීමට සිදුවෙයි.