ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීමට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (10දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සමුළුව ඊජිප්තුවේ ෂාර්ම් අල් ෂෙයික් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුනි .
මෙම සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 06දා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.