මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබා දී ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන පක්ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල් දැමිය නොහැකි බවයි.
සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලන නිලධාරිනි සමන්තා පවර් මහත්මිය සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව පැවැසුවේය.