රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේඅද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබීය.
සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබිණ.
