ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්ව ගතවූ දින 10 තුළ එළැඹි තින්දු තීරණ රටේ ප්‍රගතිය වෙනුවෙන් මනා පිටුබලයක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම තින්දු තිරණ වෙනුවෙන් රටේ ජනතාවගේ ඉහළ ජනතා ප්‍රසාදයක් ඇති වු බවද එම නිවේදනයේ සඳහන් වේ.
ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25% කින් පහත දැමීම රාජ්‍ය ආයතන වලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම ආදිය ඒ අතර වෙයි.
එමෙන්ම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂයභාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව පරිසරය සම්බන්ධයෙන් පොලිසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමද ජනාධිපතිවරයා ගත් තීරණ අතර විශේෂ වේ.
සිංහල ඡන්ද පදනම පිළිබඳ විශ්වාසය පළ කිරිම සහ එම ඡන්ද පදනමට දායක වි රට ගොඩනැඟිමට අනෙකුත් සියලූ ජාතිකයන්ට ආරාධනා කිරිම ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවයට ගරු කරමින් ආයෝජන කිරිමට ආරාධනා කිරීම ජනාධිපති කාර්ය මණ්ඩලය, පරිවාර රථ සීමාකිරීම සහ ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදා ගැනිමට සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීම ඉඩ ප්‍රස්ථාව සැලසීමද ජනාධිපතිතුමාගේ දින 10ක සේවා කාලය තුළදි එතුමන් ක්‍රියාවන්ට නැංවු තීන්දු අතර පවතින්නකි.
