ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ දුටු රිදී රේඛාව පැය 24ක් යන්නට පෙර අන්ත අන්ධකාරයක් බවට පත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හදීසි අවස්ථා ප්රකාශනය පිළිබඳ අද (27දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර සිය ස්වකීය පෝෂණයට, උද්දාමයට දේශපාලන ගෙම්බන් ලෙස පැති මාරු කරන මන්ත්‍රීවරුන් අවසානයේ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ ජනතා අධිකරණයට මුහුණ දීමට සිදු වන බවත්, එය මන්ත්‍රීවරුන් 225ම තේරුම්ගත යුතු බවත් සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
අද හදීසිය ගැන කතා කරනවා. හදීසිය ගැන කතා කරද්දි අපිට පේනවා හදීසිය දෙයාකාරයකින්. අද රටේ පොදුජනතාවට තිබෙනවා ලොකු හදීසියක්. පෙට්‍රල් නැදි හදීසිය, ඩීසල් නැති හදීසිය, භූමිතෙල් නැති හදීසිය, ගෑස් නැති හදීසිය, අම්මලාට දරැවන්ට කිරිපිටි නැති හදීසිය තිබෙනවා. මේවා තමයි මින්සිසු ජීවත් කරවන හදීසිය. මේක තමයි මහ පොළවේ හදීසිය. නමුත් අද මොකක්ද මේ විවාද කරන හදීසිය? මේ විවාද කරන හදීසිය තමයි තර්ජනය, ගර්ජනය, ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්ථවාදය ක්‍රියාත්මක කරන හදීසිය. මාස ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමාකාමීය උද්ඝෝෂන සිදු වුනාද නැද්ද? එතන ත්‍රස්ථවාදී ක්‍රියාවක් සිදු වුණේ නෑ. මොනම අවස්ථාවකවත් ප්රචන්ඩත්වයක් ක්‍රියාත්මක කළේ නෑ. කොතනද ප්රචන්ඩත්වයේ මුල? කවුද ප්රචන්ඩත්වයේ පීතෘවරයා? හිටපු අගමැතිවරයා.ඒකේ මුල අරලියගහ මන්දිරය. කරැණාකරලා මේ සභාව නොමග යවන්න එපා ත්‍රස්ථවාදයක් ගැන කතා කරලා.
දැන් ප්රචන්ඩත්වයේ අලුගෝසු දේශපාලනයේ කණ්ඩායම් දැන් තමන්ට රිසිසේ සමාජයට ඇවිත් අමුතුම කතා කියනවා. නමුත් ප්රචන්ඩත්වය ආරම්භ වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීමත් සමග බව කරැණාකරලා අමතක කරන්න එපා. මොනම හේතුවකටවත් කිසිම දවසක අපේ දේශපාලන ගමන් වල අපි ප්රචන්ඩත්වය ක්‍රියාත්මක කරලත් නෑ. කරන්නෙත් නෑ. කරන්න යන්නෙත් නෑ. කවුරැ හරි හිතනවා නම් තමන්ගේ ස්වකීය පෝෂනයට, උද්දාමයට දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නට අවසානයේ ජනාත අධිකරණයේ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුල ඒවාට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක 225ම දැනගත්තොත් හොඳයි.
ජනාධිපතිවරයා පත් වුණු ආකාරය පිළිබඳ විවේචන තිබෙනවා. ව්‍යවස්ථානු ක්‍රමවේදය තුළ එතුමා ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට ලබා දිය යුතු ගරැත්වය අපි ලබා දෙනවා. අපි පක්ෂ නායක සාකච්ඡාවක් කළා. දිවුරැම් දුන්න ජනාධිපතිවරයා සමග අපි කතා කළා. එතුමා සතුටුවෙනවා කිව්වා පාර්ලිමේන්තුවේ දිවුරැම් දුන්න එක ගැන. අපි එකට එකතුවෙලා වැඩ කරන්න ඕනී කියන අවංක සතුට අපිට ආවා. නමුත් මොකක්ද එදා රාත්‍රියේ සිදු වුණේ? මම දන්නේ නෑ මොන ඔලමොට්ටලයා මේ ජනාධිපතිතුමා ඇතුලු කණ්ඩායමට මේ උපදෙස දුන්නද කියලා. මහ ගොන් තීන්දුවක්. වෙන වචන නෑ කියන්න. එදා රාත්‍රියේම හිංසනය, ම්ලේච්චත්වය රාජ්‍ය ත්‍රස්ථවාදය ක්‍රියාත්මක කළා. දිවුරැන් දෙන අවස්ථාවේ අපි දුටු රිදී රේකාව අද අන්ත අන්දකාරය බවට පත්වෙලා. යනුවෙන් සඳහන් කළේය.